දප්තර් ජෙය්ලානි (කූරගල) තර්වෙස් මුහිය්යිද්දීන් ඔලීයුල්ලා
දප්තර් ජෙය්ලානියේ (කූරගල) තර්වෙස් මුහිය්යිද්දීන් ඔලීයුල්ලාගේ මක්පරා (සිසාරම) පිහිටා අැත.1922 වර්සයේ දප්තර් ජෙය්ලානියේ මස්ජිද් යක් ඉදිකිරන්නට ,එම ප්‍රදේශයේ වැඩ කරගෙනගිය අවස්තාවේ එහි මීතාන් ගලක් (Mithan stone) සොයාගන්නා ලදී . එම මීතාන් ගලේ "තර්වෙස් මුහිය්යිද්දීන්", හිජ්රි 715 (1332 AD) කී සදහන් කර ඇත. "තර්වෙස් මුහිය්යිද්දීන්" කියන වචනයෙ අර්තය වන්නේ "මුහිය්යිද්දීන්ගෙ අනුගාමිකයා" යන බවයි. තවද,හිජ්රි 715 වර්සයේ එම අනුගාමිකයා , එම ප්‍රදේශයේ භූමදාන කර අැත. මුහිය්යිද්දීන් අප්දුල් කාදිර් ජීලානි රහිමහුල්ලා මරණයට පත්වී, අව්රැදු 154කට පසුව, එතුමාගෙ අනුගාමිකයෙක් එම ප්‍රදේශයට (දප්තර් ජෙය්ලානි- කූරගල)අැවිත්, එම ප්‍රදේශයේම මරණයට පත්වී, භූමදාන කර අැති බව මෙහෙන් අපිට අණාවරණය වෙනවා. තවද, මුහිය්යිද්දීන් අප්දුල් කාදිර් ජීලානි රහිමහුල්ලාගෙ අනුගාමිකයන්, එ කාලයෙ සිට ලංකාවෙ හිටියා කියන කාරනය අපිට වටහාගන්නට හැක. මෙම සිද්ධිය එම්.එල්. අබුසාලි ලියපු " DAFTHER JAILANY - A Historical Account of the Dafther Jailani Rock Cave Mosque " කියන පොතේ සදහන් කරඅැත.


Leave a Comment